Friday, December 27, 2024

General line - 0115112241

එට්කා ගිවිසුම ගැන විදේශ කටයුතු ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

කමල් සුරවීර




ඉන්දියාව සමග එට්කා ගිවිසුම අත්සන් කිරීම හරහා මෙරටට කිසිදු අවාසි සහගත තත්ත්වයක් ඇති නොවන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි පවසනවා.

මෙරට ආර්ථිකය ගොඩ නැඟීමට නම්, ලෝක වෙළෙඳපොළ හා සම්බන්ධ වෙළෙඳ ගිවිසුම් ඇතිකර ගත යුතු බවත් අපනයනය පාදක කරගත් ආර්ථිකයකින් තොරව රටේ ආර්ථිකය ඉහළ නංවා ගත නොහැකි බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියා.


සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පසුගියදා ඉන්දියාවේදී සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් මෙහිදී අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළා.