Saturday, July 27, 2024

General line - 0115112241

පාතාලය සහ මත්ද්‍රව්‍ය මෙරටින් සම්පූර්ණයෙන්ම තුරන් කරන බවට පොලිස් ඇමතිගෙන් යළි සහතිකයක්




සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙරටින් සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට තමන් සහතික බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

මෙරට අපරාධවලට සම්බන්ධ සහ කුඩු ජාවාරම්වලට සම්බන්ධ විදෙස්ගතව සැඟවී සිටින ප්‍රධාන පෙළේ පුද්ගලයින් ඉදිරියේදී මෙරටට රැගෙන එන බව බණ්ඩාරවෙළ පොලිස් ස්ථාන 14ක ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.


එම අවස්ථාවට එක් වූ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මෙලෙස අදහස් පළ කර සිටියා.