Saturday, July 27, 2024

General line - 0115112241

ජනාධිපතිවරණය නියමිත දිනයට පවත්වන බවට රජය යළි අවධාරණය කරයි




මෙම වසර මැතිවරණ වසරක් වන බැවින් කිසිවිටකත් මැතිවරණ කල් නොදමන බවත් නියමිත කාලයට ජනාධිපතිවරණය සහ මහමැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසනවා.

මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති උත්සවයකට සහභාගී වෙමින් අධිකරණ අමාත්‍යවරයා මේ බව පැවසුවා.


රට ඉදිරියට ගෙන යෑමට නම් ජනතාව ආණ්ඩුව සමග එක් වී ජාතික සමගියක් ඇති කර ගත යුතු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.