Sunday, September 8, 2024

General line - 0115112241

කොලොන්නාවේ මහල් නිවසකින් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් සහ පස්දෙනෙකු STF අත්අඩංගුවට




කොලොන්නාව සංහිද සෙවණ මහල් නිවාස සංකීර්ණයේ සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමේදී හෙරොයින් ග්‍රෑම් 12යි මිලි ග්‍රෑම් 230ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සමග පුද්ගලයන් පස් දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා. 

මේ අතර තීරුබදු නොගෙවා මෙරටට ආනයනය කරන ලද මිනිස් සිරුරට අහිතකර නීති විරෝධී විෂ රසායනික ද්‍රව්‍ය කිලෝ 13යි ග්‍රෑම් 955 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තීරුබදු නොගෙවා මෙරටට ආනයනය කිරීම, අනවසරෙන් පළිබෝධනාශක ගබඩා කිරීම සහ අලෙවියට සුදානම් කර තැබීම යන චෝදනා සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයා කඳපොළ ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයකු වන අතර සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන සිදු කිරීමට නුවරඑළිය නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය වෙත භාර දුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවේ.