Saturday, July 27, 2024

General line - 0115112241

සමාජ මාධ්‍ය පනත් කෙටුම්පතෙන් ජනතාවට කිසිදු හානියක් නෑ මනුෂ කියයි




ඉදිරියේදී තමන්ගේ රජයක් යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර අදාළ ගිවිසුමේ ඇති ජනතා විරෝධී ප්‍රතිගාමී කොටස් ඉවත් කර ජනතාවාදී අවබෝධතාවකට එකඟ කර ගනිමින් ජනතාවට සුභවාදී ඩැඩපිළිවෙළක් ගෙන යාමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ මහනුවර ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කීපයකට පිළිතුරු ලබා දෙමින්.


මේ අතර සමාජ මාධ්‍ය පනත් කෙටුම්පතෙන් ජනතාවට කිසිදු හානියක් සිදු නොවන බවත් එය ජනතාවට වාසිදායක පනතක් බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසුවා.

ඔහු මේ බව සඳහන් කළේ බද්දේගම ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින්.


පානදුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසුවේ රටේ ආර්ථිකය බිඳ වැටීමට කටයුතු කළ සියලු පාර්ශවයන්ට තරාතිරම් නොබලා දඬුවම් ලබා දිය යුතු බවයි.