Sunday, September 8, 2024

General line - 0115112241

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ තීරණයකට රාජ්‍ය අමාත්‍යවරයෙක් කනස්සල්ලෙන්




දිවයිනේ ඇතැම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හිඟයක් පවතින බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත පවසනවා.

අදාළ පුරප්පාඩුවීම්වලට හේතු වී ඇත්තේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති නිර්ණායක ක්‍රියාත්මක කිරීමේදී ප්‍රායෝගිකව  ගැටලුව මතුවීම බවයි ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

එවන් පසුබිමක් තුළ රජය මගින් සිදු කරන සංවර්ධන ව්‍යාපෘති පවා ඇණහිට තිබෙන බවයි ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත නෙත් නිවුස් සිදු කළ විමසීමකදී සඳහන් කළේ.


රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්ණායකයන් පිළිබඳවද ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මෙහිදී පැහැදිලි කළා.