Friday, October 18, 2024

General line - 0115112241

බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය පුත්තලමේ ඖෂධ වෙළඳසැළක් නීතියේ රැහැනට




පුත්තලම ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය ඖෂධ වෙළඳසැළක් වටලා එහි  හිමිකරු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පුත්තලම කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් සහ ජාතික ඖෂධ හා නියාමන අධිකාරියේ නිලධාරින් කණ්ඩායමක් එක්ව සිදු කළ වැටලීමකදීයි. ඖෂධ වර්ග 144කට අදාළ ඖෂධ එහි ගබඩා කර තිබියදී සොයා ගෙන තිබෙනවා.

එම ඖෂධ වෙළඳසැළ පවත්වාගෙන ගොස් ඇත්තේ 33 හැවිරිදි පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ඖෂධ හා නියාමන අධිකාරිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

දිවයින පුරා සිදු කරන යුක්තිය මෙහෙයුම යටතේ එම වැටලීම සිදු කළ බවයි පොලීසිය පැවසුවේ.

මේ අතර යුක්තිය මෙහෙයුම ආරම්භයේ සිටම බාධක රැසකට මුහුණ දීමට සිදු වූ බවයි බණ්ඩාරවෙල පොලිස් බල ප්‍රදේශයේ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා පැවැති විශේෂ වැඩමුළුවකට එක්වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසුවේ.


මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පළ කළ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්.


මේ අතර යුක්තිය මෙහෙයුම අද දිනයේද දිවයින පුරා ක්‍රියාත්මකයි.