Sunday, September 8, 2024

General line - 0115112241

එස් ටී එෆ් නිලධාරීන් පිරිසකට එරෙහිව පියවර ගැනීම වළක්වාලමින් නිකුත් කළ තහනම් නියෝගය දීර්ඝ කෙරේ

උදය කුමාර



ආනමඩුව පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරයෙකු පැහැරගෙන යාමේ සිද්ධියට අදාළ  සැකකරුවන් පස් දෙනෙකු සම්බන්ධයෙන්  ඉදිරි පියවර ගැනීමෙන් වළකින ලෙස දන්වා නිකුත් කළ නියෝගය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

අභියාචනාධිකරණය විසින් ආණමඩුව මහේස්ත්‍රාත්වරයා වෙත නිකුත් කර ඇති එම නියෝගය දීර්ඝ කර ඇත්තේ ලබන මැයි මස 15වනදා දක්වායි.

ඒ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව ඇප මත නිදහස් කර සිටින පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 05දෙනා ගොනුකළ රිට් පෙත්සමක්  සලකා බැලීම සඳහා අද යලි කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

පෙත්සම්කාර පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කියා සිටින්නේ මත්ද්‍රව්‍ය වැටලීමක් සිදුකළ අවස්ථාවේදී ඔවුන්ට මෙම චෝදනාව එල්ල වී තිබෙන බවයි.