Sunday, September 8, 2024

General line - 0115112241

කුවේට්හිදී වෙඩි ප්‍රහාරයකට ලක් වු ශ්‍රී ලාංකිකයා ගැන එරෙට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මැදිහත් වෙයි

  ටී කේ ජී කපිල




කුවේට්හිදී ආහාර ඇනවුම් බෙදාහැරීමේ නිරත වී සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්වූ ශ්‍රී ලාංකිකයාගේ ජීවිත ආරක්ෂාව සුරක්ෂිත කිරීම සදහා, ඔහු මේ වනවිට කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත රැගෙන විත් තිබෙනවා.

රාජාංගනය, යාය 11 ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙක් වන කේ.පී සාගර ලක්ෂ්මන් නමැති 44 හැවිරිදි වියේ පසුවන සාගර ලක්ෂ්මන් එරට නිවැසියෙකුගේ වෙඩි ප්‍රහාරයකට ලක් වුණා.

කුවේට් රාජ්‍යයේ ප්‍රසිද්ධ අවන්හලක ආහාර නිවෙස් කරා ප්‍රවාහනය කරන වෘත්තීයක නිරත වී සිටි එම ශ්‍රී ලාංකිකයාට එරට පුද්ගලයෙකු වෙඩි තබා ඇත්තේ සිය ආහාර ඇනවුම ප්‍රමාද වූවායැයි පවසමින් බවයි වාර්තා වුණේ.

කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ පිළිබඳ එරට අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව හදුනා ගැනීමේ පෙරෙට්ටුවක දී එසේ වෙඩි තැබූ කුවේට් ජාතිකයා හදුනා ගෙන තිබෙනවා.

ඔහු මේ වනවිට එරට අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවසුවේ.

මෙම අනතුර සදහා සාධාරණ වන්දි මුදලක් ලබා දී, ඉක්මනින් ශ්‍රී ලංකාවට එවීම සදහා කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාන්දීපන් බාලසුබ්‍රමනියම්ගේ උපදෙස් පරිදි පියවර ගනිමින් සිටින බවද වාර්තා වුණා.