Sunday, September 8, 2024

General line - 0115112241

ස්වීඩනයට නේටෝවේ දොර ඇරෙයි




ස්වීඩනයට නේටෝවේ දොරටුව විවෘත වී තිබෙනවා.

ඒ, නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා ස්වීඩනයට ප්‍රධාන බාධාවක් වී තිබූ හංගේරියාව ඒ සඳහා අනුමැතිය ලබා දීමට තීරණය කිරීමත් සමගයි.

ඒ අනුව ස්වීඩනයට නේටෝවේ සාමාජිකත්වය ලබා දීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාවට හංගේරියානු පාර්ලිමේන්තුව ඊයේ අනුමැතිය ලබා දී තිබුණා. 

ස්වීඩනය නේටෝවේ සාමාජිකත්වය ඉල්ලා සිටියේ 2022 වසරේ රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කිරීමත් සමගයි.

ස්වීඩනය සමග ෆින්ලන්තයද නේටෝවේ සාමාජිකත්වය ඉල්ලා සිටියද රාජ්‍ය තාන්ත්‍රික ගැටලු පදනම් කර ගනිමින් තුර්කිය සහ හංගේරියාව ෆින්ලන්තයට පමණක් නේටෝවේ සාමාජිකත්වය ලබා දීම සඳහා අනුමැතිය ලබා දුන්නා.