ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් යළි මෙරටට පැමිණීමට නියමිතයි.
ඒ, මාර්තු මාසයේ 07 වනදා සිට ෂඵත් 3 වන වාරිකයට අදාළ දෙවන සමාලෝචනය ආරම්භ කිරීම සඳහායි.
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසුවේ IMF නියෝජිතයින් සති දෙකකට ආසන්න කාලයක් දෙවන සමාලෝචනය සිදුකරනු ඇති බවයි.
රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ දෙවන සමාලෝචනය අවසන්වීමෙන් පසු කාර්යමණ්ඩල එකඟතාවයට පැමිණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන වාරිකය හිමිවනු ඇති බවට විශ්වාසය පළකරන බවයි.