Sunday, November 24, 2024

General line - 0115112241

රිය අනතුරු ඉහළ යාමට තවත් හේතුවක් විද්වතෙක් පහදයි




රිය අනතුරු මෙරට බරපතල සමාජීය ප්‍රශ්නයක් බවට පත්ව ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය මොහොමඩ් මහීෂ් මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ රිය පදවන පුද්ගලයින්ගේ ආකල්ප රිය අනතුරු වැඩිවීමට හේතුවක් වී ඇති බවයි.

මෙරට මහා මාර්ගවල ධාවනය කෙරෙන වාහනවල ගුණාත්මක තත්ත්වය පිළිබද පරීක්‍ෂාවක් සිදු නොකිරීම තවත් ගැටළුවක් බවයි මෙහිදි ප්‍රකාශ කෙරුණේ.

දුප්පත්කම ද රිය අනතුරු බහුලවීමට තවත් හේතුවක් වී ඇති බව මහාචාර්ය මොහොමඩ් මහීෂ් වැඩිදුරටත් පෙන්වා දුන්නා.