Sunday, November 24, 2024

General line - 0115112241

පුරාවස්තු කැණීම් කළ පුද්ගලයින් 07 දෙනෙකු STF දැලේ




පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදු කළ පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ තිරික්කෝවිල් කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අක්කරපත්තුව, කන්නගිපුරම් ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදීයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතර, ඔක්කම්පිටිය, කුඹුක්කන, මොණරාගල සහ ගන්දර යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඒ අතර කාන්තාවක්ද වන බවයි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පැවසුවේ.

සිද්ධිය සම්බන්ධ විමර්ශන අක්කරපත්තුව පොලීසිය මගින් ක්‍රියාත්මකයි.