Wednesday, November 27, 2024

General line - 0115112241

ගිනි අවි ලබා දීමට තිබූ කාලය දීර්ඝ කෙරේ




ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබූ කාලය දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව එම ගිනිඅවි නොවැම්බර් මස 21 වන දිනට ප්‍රථම භාරදෙන ලෙසයි ආරක්ෂක අමාත්‍යාංශය දන්වා ඇත්තේ.

ගිනිඅවි යළි භාරදීමට ආරක්ෂක අමාත්‍යාංශය විසින් මාසයක කාලයක් ලබාදුන් අතර එම කාලය අදින් අවසන් වීමට නියමිතව තිබුණා.

කෙසේවෙතත් ඉදිරිපත්ව ඇති කරුණු සලකා බැලීමෙන් අනතුරුව එම කාලය දීර්ඝ කිරීමට පියවර ගෙන ගත් බවයි ආරක්‍ෂක අමාත්‍යංශය සඳහන් කළේ.