Wednesday, May 8, 2024

General line - 0115112241

සුලෝහිත සංග්‍රාමය වෙනුවෙන් ආනන්ද - නාලන්ද අද තරග බිමේ




පාසල් වාර්ෂික ක්‍රිකට් තරගාවලි අතරින් වැඩිම අවධානයක් දිනාගත් තරගයක් අද ආරම්භ වනවා.

ඒ, කොළඹ ආනන්ද සහ කොළඹ නාලන්ද විදුහල් දෙක අතරයි.

සුලෝහිත සංග්‍රාමය මහා ක්‍රිකට් තරගය වෙනුවෙන් කණ්ඩායම් දෙක කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී අද තරග වදින්නේ 94 වරටයි.

පාසල් දෙක අතර මෙතෙක් පැවති තරග අතරින් 12 කම ජය හිමිකර ගනු ලැබුවේ කොළඹ ආනන්ද විද්‍යාලයයි.

නාලන්ද විද්‍යාලය ජයගෙන ඇති තරග සංඛ්‍යාව 07 ක්.

මෙවර තරගයේදී කොළඹ ආනන්ද විද්‍යාලය වෙනුවෙන් ඉරුත් ගිම්ෂාන් නායකත්වය ලබාදෙනවා.

කොළඹ නාලන්ද කණ්ඩායමට මෙවර නායකත්වය ලබාදෙන්නේ සජිත් විතානගේයි.