Saturday, July 27, 2024

General line - 0115112241

පාසල් ළමුන්ට මත්පෙති අළෙවි කළ පුද්ගලයෙකු කළුබෝවිලදී STF අත්අඩංගුවට




පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් අළෙවි කිරීම සඳහා රැගෙන යමින් තිබූ මත්පෙති තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ,  පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් කළුබෝවිල, හත්බෝධිය විහාරස්ථානය අසලදී සිදුකළ වැටලීමකදීයි.

සැකකරු එම මත්පෙති තොගය යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදීයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔහු සන්තකයේ තිබී මත්පෙති දහසක් සොයාගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

අත්අඩංගුවට ගත් කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 ක් වන එම සැකකරු වැඩිදුර විමර්ශන සදහා කොහුවල පොලිස් ස්ථානය වෙත භාරදුන් බවද පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවා.

දිවයිනපුරා ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම යටතේයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ. යුක්තිය මෙහෙයුම අද දිනයේද දිවයිනපුරා ක්‍රියාත්මක බවයි පොලීසිය පැවසුවේ.

මේ අතර යුක්තිය මෙහෙයුම සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා.