Saturday, July 27, 2024

General line - 0115112241

ලොකු ළූණු බද්දට ගොවි සංවිධානවලින් විරෝධය




ආනයනික ලොකු ළූණු මත අය කෙරෙන බද්ද රුපියල් 40 දක්වා වැඩි කෙරුණුද ඉන් කිසිදු ප‍්‍රයෝජනයක් අත්නොවන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලයන පවසනවා.

එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න සඳහන් කළේ මේ වනවිටත් ආනයනය කරන ලද ලොකු ළූණු තොග වෙළද පොලේ අළෙවි වන බවයි.

දේශීය ළූණු ගොවියා ආරක්‍ෂා කර ගැනීමේ අරමුණින් ආනයනික ලොකු ළූණු කිලෝවක් මත පනවා තිබූ රුපියල් 25 ක බද්ද රුපියල් 40 දක්වා වැඩි කිරිමට මුදල් අමාත්‍යාංශය තීරණය කළා.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායකවරයා මේ බව කියාසිටියා.

මෙය මීට පෙර සිදුකළ යුතුව තිබු කි‍්‍රයාවක් බවද ඔහු වැඩිදුරටත් කියාසිටියා.