Friday, May 3, 2024

General line - 0115112241

පුරාවස්තු සොයා කැණීම් කළ තිදෙනෙකු පොලිස් දැලේ




පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් මීගලෑව, උස්ගල ප්‍රදේශයේ ඉඩමක කැණීම් සිදු කළ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදීයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 27, 31 සහ 56 යන වයස් කාණ්ඩවල පසුවන සියඹලන්ගමුව හා නාගොල්ලාගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙක්.

සැකකරුවන් සන්තකයේ තිබී කැණීම් සඳහා යොදා ගත් උපකරණ තොගයක්ද පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මීගලෑව පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.