Tuesday, April 30, 2024

General line - 0115112241

ඩයලොග් ජනාධිපති රන් කුසලාන අවු. 25 න් පහළ වොලිබෝල් තරගාවලිය 2024




ඩයලොග් ආසියාටා සමාගමේ පූර්ණ අනුග්‍රාහක දායකත්වයෙන් ඩයලොග් ජනාධිපති රන් කුසලාන අවු. 25 න් පහළ වොලිබෝල් තරගාවලියේ ආරම්භක උත්සවය බස්නාහිර පළාත් තරග ආරම්භ කරමින් 2024 මාර්තු 30 දින හොරණ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. 

මෙම අවස්තාව සදහා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් සහ මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමයේ ප්‍රධාන ලේකම් A.5. නාලක මහතා සහ ඩයලොග් ආසියාටා සමාගමේ මෙහෙයුම් කළමනාකරු මංජුල ගුණසේකර මහතා ඇතුලු ආරාධිත අමුත්තන් විශාල පිරිසක් සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ නිලධාරීන් සහ ඩයලොග් ආසියාටා සමාගමේ නිලධාරීන් ද මේ සඳහා සහභාගී විය.

බස්නාහිර පළාත් තරග සඳහා පිරිමි කණ්ඩායම් 15 ක් සහ කාන්තා කණ්ඩායම් 10 ක් සහභාගී වූ අතර මෙහිදී බස්නාහිර පළාත් පිරිමි තරගාවලියේ ශූරතාවය රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩා සමාජය විසින් දිනාගත් අතර අනුශූරතාවය පොතුපිටිය ලකී සික්ස් ක්‍රීඩා සමාජය විසින් දිනා ගන්නා ලදී. 

බස්නාහිර පළාත් කාන්තා ශූරතාවය කිරිඳිවැල සංඝමිත්තා ක්‍රීඩා සමාජය දිනාගත් අතර අනුශූරතාවය හෝමාගම ක්‍රීඩා සමාජය දිනා ගන්නට සමත් විය. 

මෙහිදී මෙම ශූරතා සහ අනු ශූරතා දිනාගත් කණ්ඩායම් 2024 ජුනි මාසයේ පැවැත්වීමට නියමිත ජාතික තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගන්නා ලදි. 

මෙම තරගාවලියේ ඉතිරි පළාත් තරග අලුත් අවුරුදු උත්සව කාලසීමාවෙන් අනතුරුව පැවැත්වීමට සුදානම් කර ඇත.