Monday, April 29, 2024

General line - 0115112241

තවත් තරඟාවලි ජයක් සොයා ශ්‍රී ලංකාව අද T 20 පිටියට




ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන පන්දු වාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟය අද පැවැත්වෙනවා.

තරඟය ආරම්භ වන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් සවස 05යි 30ටයි.

තරඟය පැවැත්වෙන්නේ දෙරට අතර පළමු තරඟය පැවති ක්‍රීඩාංගනයේදී වීම හේතුවෙන් කාසියේ වාසියද අද අතිශය වැදගත් වනු ඇති.

ඒ අනුව අද කාසියේ වාසිය දිනා ගන්නා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට නියමිතයි. 

ක්‍රීඩා වාර්තාවලට අනුව අද තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක්ද සිදු වීමට නියමිතයි.

පිතිකරන අංශය වෙනුවෙන් ධනංජයද සිල්වා කණ්ඩායමට එක් වීමේ ඉඩක් ඇති බවටත් පන්දු යැවීමේ අංශය වෙනුවෙන් දිල්ෂාන් මධුෂංක කැඳවිය හැකි බවටත් වාර්තා වනවා.

ශ්‍රී ලංකාව අද තරඟයට පිවිසෙන්නේ තවත් පන්දුවාර විස්සයි විස්ස තරඟාවලියක් ජය ගැනීමේ අරමුණින්.