Saturday, July 27, 2024

General line - 0115112241

ගීතා කුමාරසිංහත් රහස් හෙළි කිරීමට සූදානම්




තමන්ගේ මන්තී‍්‍ර ධුරය අහෝසි කිරීම සඳහා කුමන්ත‍්‍රණ රැසක් කි‍්‍රයාත්මක වන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ගීතා කුමාරසිංහ පවසනවා.

ඇය පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා කිසියම් රහසක් හෙළි කිරිමට සූදානම් වන්නේ නම් තමන්ද එම රහස් හෙළි කිරීමට පසුබට නොවන බවයි.

“මම දන්නේ නැහැ අතිගරු ජනාධිපතිතුමා මොන විදිහේ දේවල් ගැනද එහෙම කියන්නේ කියලා. නමුත් මට වෙච්ච දේවල් , මම මේ පාර්ලිමේන්තු මැතිවරණය දිනපු දවසේ ඉඳලා මාව මෙතනින් යවන්න ගත්ත මහා විශාල කුමන්ත්‍රණයක් තියෙනවා මේක පිටුපස්සේ. ඒ කුමන්ත්‍රණයේ ප්‍රධාන කෙනා අද ඔය කියාගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න අය. ඒ අය විසින්ම මට කියපු දේවල් තියෙනවා. එවා සාක්ෂි ඇතුව මට දෙන්න පුළුවන්.

නීතිය පිළිබඳව , උසාවි පිළිබඳව අපිට මහා සැකයක් ඇතිවෙන විදිහේ දේවල් කතන්දර රාශියක් මම දන්නවා. නමුත් මම ඒ පිළිබඳ දැන්ම මුකුත් කියන්නේ නැහැ. අපි බලමු මොන විදිහටද මේ කටයුතු කෙරෙන්නේ කියලා”.

ද්විත්ව පුරවැසිභාවය ඇති තවත් මන්තී‍්‍රවරුන් පාර්ලිමේන්තුවේ සිටින බවත් ඔවුන් සම්බන්ධයෙන් හෙළි කිරීමට තමන් සූදානම් බවත් ගීතා කුමාරසිංහ මන්තී‍්‍රවරිය වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.