Monday, May 6, 2024

General line - 0115112241

පූසෙක් නිසා ජපානය කැළඹේ




පූසෙකු නිසා ජපන් වැසියන්ගේ ජන ජීවිතයට බලපෑම් එල්ල වූ පුවතක් විදෙස් මාධ්‍ය අද වාර්තා කර තිබෙනවා.

එහි වැඩිම අවදානමක් යොමු වී ඇත්තේ බටහිර ජපානයටයි. 

මෙම තත්ත්වය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වුණේ අධික විෂ සහිත රසායනික ද්‍රව්‍ය පිරවූ ටැංකියකට වැටුණු පූසෙකු නගරය පුරා ඇවිද යාමයි.

කහ පැහැති පූසෙකුගේ අඩි සළකුණු අදාළ රසායනාගාරය ආශ්‍රිත ප්‍රදේශයේ තිබී සොයා ගැනීමත් සමග බටහිර ජපාන බලධාරින්ගේ දැඩි අවදානය ඒ සම්බන්ධයෙන් යොමු වුණා.

එම පූසා රසායනික ද්‍රව්‍ය පිරවූ ටැංකියට වැටීමෙන් අනතුරුව නිරුපද්‍රිතව ඇවිද යන ආකාරය දැක්වෙන වීඩියෝවක් සොයා ගැනීම ඊට ආසන්නතම හේතුවයි.

ඒ අනුව බලධාරීන් වහාම ජනතාවට නියෝග කළේ අසාමාන්‍ය කහ පැහැති වර්ණයෙන් යුතු පූසෙකු දුටුවහොත් ඒ අසලින් ඉවත් වන ලෙසයි.

ඒ අනුව පූසෙකු දුටුවහොත් වහාම පොලීසිය දැනුවත් කරන ලෙසටද බලධාරීන් නියෝග කර තිබෙනවා.

මෙම පූසා වැටී ඇත්තේ අධික ආම්ලික හා පිළිකාකරාක රසායන ද්‍රව්‍ය පිරවූ ටැංකියකටයි.

එහි සේවකයින් පවා ඒ ආශ්‍රිත ප්‍රදේශයේ සේවය කරන්නේ දැඩි ආරක්ෂිත ක්‍රමවේදවලට අනුකූලවයි.