Saturday, July 27, 2024

General line - 0115112241

අතරුදන් වූ දරුවා සොයා විමර්ශනයක් (UPDATE)




5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් පසු අතුරුදන් වූ දරුවා සහ ඔහුගේ වැඩිමහල් සොහොයුරිය සෙවීම සදහා නෝර්වුඞ් පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ, අදාළ දරුවාගේ පියා ඊයේ (21) පස්වරුවේ පොලීසියට කළ පැමිණිල්ලකින් අනතුරුවයි.

තම පුත‍්‍රයා, වැඩිමහල් දියණිය සමග ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටිම සදහා ඊයේ උදෑසන නෝර්වුඞ් දෙමළ මහා විද්‍යාලයට ගිය බවයි පියා පොලීසියට කළ පැමිණිල්ලේ දැක්වෙන්නේ.

එහෙත් ඔවුන් දෙදෙනාම යළි නිවසට නොපැමිණි බව අදාළ පැමිණිල්ලේ වැඩිදුරටත් දැක්වෙනවා. මෙලෙස අතුරුදන්ව ඇත්තේ නෝර්වුඞ් ඉන්ජර්ස්ටින් වතුයායේ පදිංචි ශිවකුමාර් මදුෂාන් නමැති දරුවා සහ ඔහුගේ වැඩිමහල් සොහොයුරියයි.

මෙම දරුවන්ගේ මව, පියාගෙන් වෙන්වී ගම්පොල, කුරුදුවත්ත ප‍්‍රදේශයේ පදිංචි වී සිටිනවා. ඇය නිතර මෙම දරුවන් බැලීමට පැමිණෙන බවයි පොලිසිය කළ විමර්ශනවලදි අනාවරණ වී ඇත්තේ.

ඇතැම්විට ශිෂ්‍යත්ව විභාගය අවසන්වීමෙන් පසු දරුවන් දෙදෙනා මව විසින් කැදවාගෙන ගියේද නැතහොත් දරුවන් දෙදෙනා මව බැලීමට ගම්පොල ප‍්‍රදේශයට ගියේද යන්න සෙවීමට විමර්ශන කි‍්‍රයාත්මකයි.

………………………………………………..

ශිෂ්‍යත්ව විභාගයට ගිය දරුවෙකු අතුරුදන්

Aug 22, 2016 @ 10:23

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම සදහා ඊයේ (21) නිවසින් පිටත්ව ගිය සිය පුත‍්‍රයා ආපසු නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් පියෙකු නෝර්වුඩ් පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ අතුරුදන් වූ දරුවා ඊයේ උදෑසන සිය වැඩිමහල් සහෝදරිය සමග විභාගයට පෙනී සිටිම සදහා නෝර්වුඞ් දෙමළ විද්‍යාලයේ විභාග ශාලාව වෙත ගොස් ඇති බවයි.

දරුවා සෙවිම සඳහා පොලීසිය විමර්ශනයක් සිදුකරනවා.