Thursday, May 2, 2024

General line - 0115112241

සමාජ මාධ්‍ය වාරණය ගැන පකිස්තානයට චෝදනාවක්.




ඉකුත් මහ මැතිවරණය හමුවේ පකිස්තානය තුළ ඇතැම් සමාජ මාධ්‍ය ජාලා සඳහා පැනවූ තහනම තවදුරටත් ක්‍රියාත්මකයි.

විදෙස් මාධ්‍ය පවසන පරිදි ඉකුත් පෙබරවාරි 17 වනදා පකිස්තානය සිය රට තුළ කලින් ට්විටර් ලෙස හැඳින්වූ X ගිණුම් භාවිතය අත්හිටුවා තිබුණා.

මහ මැතිවරණය අවසන් වී මාසයක කාලයක් ඉකුත් වී ගොස් නව රජයක් ද පිහිටුවා ඇති පසුබිමක් තුළ වූවද පකිස්තානය තුළ තවදුරටත් X ගිණුම් භාවිතය අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව පෙබරවාරි 17 සිට රට තුළ අවහිර කර ඇති X ගිණුම් වහාම යථා තත්ත්වයට පත් කරන ලෙස ඇම්නෙස්ටි ජාත්‍යන්තරය, මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ සහ සිවිල් සමාජ සංවිධානවලින් සමන්විත සන්ධානයක් සමඟ එක්ව පාකිස්තාන රජයෙන් ඉල්ලා තිබෙනවා.

ඔවුන් පවසන්නේ X ගිණුම් සඳහා දිගුකාලීනව පනවා ඇති වාරණය රට තුළ වර්ධනය වන ඩිජිටල් වාරණය පිළිබඳ සංවේදී නිදර්ශනයක් බවයි.