Monday, April 29, 2024

General line - 0115112241

ජනිත් ලියනගේ සිය මංගල එක්දින ශතකය වාර්තා කරයි. 




බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරඟයේදී සිය මංගල එක්දින ශතකය වාර්තා කිරීමට ජනිත් ලියනගේ අද සමත් වුණා.

පන්දු 102ක් තුළ නොදැවී ලකුණු 101ක් රැස් කළ ජනිත්ගේ ඉනිමට 06 පහර 02ක් සහ 04 පහර 11ක් අයත්.

ඒ අනුව මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක වෙද්දී අවසන් පන්දු වාරය දක්වා නොදැවී කඩුල්ලේ රැඳී සිටි ජනිත් ලියනගේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 235ක් දක්වා ඔසවා තැබීමට වැඩි දායකත්වයක් ලබා දුන්නා.

ජයග්‍රාහී 236ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම මීට නොබෝ වේලාවකට පන්දු 02ක් අවසානයේ කිසිවෙකු නොදැවී කිසිදු ලකුණක් නොලබා සිටිනවා.