Saturday, April 27, 2024

General line - 0115112241

TNA මන්ත්‍රීවරුන්ගේ විරෝධයකින් මැතිසබය උණුසුම්




දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද පාර්ලිමේන්තු කටයුතු අතරවාරයේදී පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී විරෝධතාවක නිරත වුණා.

ඒ, වවුනියාව වෙඩුක්කුනාරීමලෙයි ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත භූමියක හින්දු ආගමික වතාවත්වල නිරත වූ පුද්ගලයින් 08දෙනෙකු අත්අඩංගුවට ගැනීමට එරෙහිවයි.

එම මන්ත්‍රීවරුන් සිය අසුන්වලින් නැගිට සභාව මැදට පැමිණ  විරෝධතාවයේ නිරත වූ අතර ඒ හමුවේ පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක් ද හට ගත්තා.

මන්ත්‍රීවරුන් පිරිස පැවසුවේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් 08දෙනා වහා නිදහස් කළ යුතු බවයි.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ විරෝධතාව අතරතුර සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස අදහස් පළ කළා.


මේ ඉන් අනතුරුව අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි. 


දැනට අධිකරණයේ පවතින ප්‍රශ්නවලට රජයට මැදිහත් විය නොහැකි බව පැවසූ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ පැවසුවේ ඒ පිළිබඳව සොයා බලා අධිකරණයට කරුණු ඉදිරිපත් කරන බවයි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ද එහිදී අදහස් පළ කළා. 


මේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ.


මේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම්.