Monday, April 29, 2024

General line - 0115112241

මානව හිමිකම් නිසා ඕස්ට්‍රේලියාව ඇෆ්ගන් ක්‍රිකට් අත්හරී




ඇෆ්ගනිස්ථානය සමඟ පැවැත්වීමට නියමිතව තිබූ තරඟ තුනකින් යුත් පන්දු වාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය කල් දැමීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම තීරණය කර තිබෙනවා.

ඒ, ඇෆ්ගනිස්තානයේ “කාන්තා සහ ගැහැණු ළමුන්ට එරෙහි මානව හිමිකම්වල කැපී පෙනෙන පිරිහීමක්” ඇතැයි චෝදනා කරමින්.

ඒ අනුව සිය රජය සමඟ සාකච්ඡා කිරීමෙන් පසු ඕස්ට්‍රේලියානු  කණ්ඩායම මෙම තීරණය ගෙන ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ. 

මීට පෙරද මානව හිමිකම් ගැටළු මුල් කර ගනිමින් 2021 දී දෙරට අතර පළමු ටෙස්ට් තරඟය මෙන්ම 2023 දී එක්දින තරඟාවලිය සඳහා සහභාගී වීමද ඕස්ට්‍රේලියානු  කණ්ඩායම ප්‍රතික්ෂේප කළා.

2023 දී එක්දින තරඟාවලිය කල් දැමීමට ගත් තීරණයත් සමග ඇෆ්ගන් සුපිරි ක්‍රීඩක රෂීඩ් ඛාන් ඕස්ට්‍රේලියානු  බිග් බෑෂ් තරඟාවලියෙන් ඉවත් වන බවට ප්‍රකාශ කළා.

කෙසේවෙතත් ඕස්ට්‍රේලියාව පවසන්නේ 2023, තරඟ මාලාව කල් දැමූ දා සිට කාන්තාවන්ගේ අයිතිවාසිකම්වල “සැලකිය යුතු පිරිහීමක්” සිදුවී ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි. 

එහෙත් ඕස්ට්‍රේලියාව පසුගිය වසර දෙක තුළ ලෝක කුසලාන තරගාවලි දෙකකදී ඇෆ්ගනිස්තානය සමග ක්‍රීඩා කර තිබෙනවා.

එය සමාජ මාධ්‍ය තුළ විවේචනය කළ ඇෆ්ගන් ක්‍රීඩක නවීන්-උල්-හක් පවසන්නේ අයිසීසී ඉසව්වලදී ඇෆ්ගනිස්තානය සමග ක්‍රීඩා කිරීම වර්ජනය නොකරන ඕස්ට්‍රේලියාව ද්විපාර්ශ්වික තරඟාවලි සඳහා එක් නොවන බවයි.