Monday, April 29, 2024

General line - 0115112241

දිල්ෂාන් මධුසංඛ IPL පිටියෙන් ඉවතට




ශ්‍රී ලංකා යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක දිල්ෂාන් මධුසංඛට ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුගේ පාදයේ ආබාධය සුව නොවීම හේතුවෙන්.

දිල්ෂාන් මධුසංඛ වෙනුවෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඉන්දීය රුපියල් කෝටි 4 යි දශම 6 ක දැවැන්ත ආයෝජනයක් සිදුකළා.

ඒ, ඔහුව සිය කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යන්නෙකු ලෙස යොදා ගැනීමේ අරමුණින්.

දිල්ෂාන් මධුසංඛ වෙනුවට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට කැදවා ඇත්තේ තවමත් පාසල් වියේ පසුවන 17 හැවිරිදි දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක ක්වෙනා මපාකායි.

මේ අතර ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිපදෙනෙකු ශ්‍රේණිගත කිරීම්වලින් ඉදිරියට පැමිණ තිබෙනවා.

එහි කැපී පෙනෙන තත්ත්වය වන්නේ ස්ථාන 03ක් ඉදිරියට පැමිණෙමින් ලොව හොඳම පිතිකරුවන් 10දෙනා අතරට පැතුම් නිස්සංක එක් වීමයි. මීට අමතරව ජනිත් ලියනගේ ස්ථාන 118ක් ඉදිරියට පැමිණෙමින් නවතම ශ්‍රේණිගත කිරීමේ 87වන ස්ථානයට පත්ව තිබීම විශේෂත්වයක්.

මීට අමතරව ස්ථාන 02ක් ඉදිරියට පැමිණෙමින් චරිත් අසලංක 14වන ස්ථානයටද පත්ව සිටිනවා.

එක් දින පිටියේ පන්දු යවන්නන් අතර ස්ථාන 04ක් ඉදිරියට පැමිණෙමින් 25වන ස්ථානයට පැමිණ සිටින අතර දිල්ෂාන් මධුෂංකද ස්ථාන 09ක් ඉදිරියට පැමිණ ඇත්තේ 29වන ස්ථානයට පත්වෙමින්.