Monday, April 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය අද




ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරඟ 02කින් සමන්විත පළමු තරඟය අද උදෑසන 09යි 30ට සිල්හෙට් හිදී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ධනංජය සිල්වා අද තරඟය පිළිබඳ බංග්ලාදේශ මාධ්‍යයට අදහස් දක්වමින් සඳහන් කළේ පළපුරුදු ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් අද තරඟයට මුහුණ දීමට යහපත් මානසිකත්වයෙන් සිටින බවයි.

තණතීරුව පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කරන බවත් පන්දු යවන්නන් ඒ අනුව අද තරඟයට එක් කර ගන්නා බවයි ධනංජය සිල්වා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති විස්සයි විස්ස තරඟයේ ජය 02ට එකක් ලෙස ශ්‍රී ලංකාව ජය ගත් අතර එක් දින තරඟයේ ජය 02ට එකක් ලෙස බංග්ලාදේශ කණ්ඩායම ජය ගත්තා.