Monday, April 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු ටෙස්ට් තරඟයේ කාසිය වාසිය බංග්ලාදේශයට




ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් තනතුරු 3ක් සඳහා නව පත්කිරීම් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

ඒ අනුව ජාතික වේගපන්දු පුහුණුකරු ලෙස අනූෂ සමරනායක පත්කර තිබෙන අතර ක්‍රීඩා ප්‍රවර්ධන පෝෂණවේදී තනතුර සඳහා වෛද්‍ය හෂාන් අමරතුංගද භෞත චිකිත්සක ලෙස ජොනතන් පෝටර්ද පත් කළ බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ. 

මේ අතර ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය අද උදෑසන ආරම්භ වුණා.

කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම දිවා ආහාරය සඳහා තරඟය නතර කරන විට කඩුලු 05ක් දැවී ලකුණු 92ක් ලබා සිටියා.