Monday, April 29, 2024

General line - 0115112241

IS සටන්කාමීන් රුසියානු ප්‍රහාරයේ වීඩියෝ නිකුත් කරයි




රුසියාවේ මොස්කව් අගනුවර පිහිටි රංග ශාලායක් ඉලක්ක කර එල්ල වූ ප්‍රහාරයේ වගකීම භාරගත් අයි එස් සටන්කාමීන් එම ප්‍රහාරයට අදාළ වීඩියෝවක් නිකුත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ අයිඑස් සටන්කාමීන්ට අයත් සමාජ මාධ්‍ය ගිණුම් කිහිපයකට එම වීඩියෝව නිකුත් කර ඇති බවයි.

එම දර්ශන පටිගත කර ඇත්තේ ද ප්‍රහාරය සඳහා පැමිණි තුවක්කුකරුවෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. 

විනාඩි එකහමාරක් පමණ කාලයක් පුරා දිවෙන මෙම වීඩියෝවේ සිටින පුද්ගලයින්ගේ අනන්‍යතාව හඳුනා ගත නොහැකි බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

එහෙත් ඝෝෂාකාරී හඬවල් සහ ඇතැමුන් දිවයන ආකාරයත්, තවත්  පුද්ගලයන් කිහිප දෙනෙකු ආයුධ වලින් සන්නද්ධව සිටින අයුරුත් එම වීඩියෝවේ දැක්වෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.