Monday, April 29, 2024

General line - 0115112241

මොස්කව් ප්‍රහාරය රටවල් රැසක් හෙළා දකී




රුසියාවේ මොස්කව් නුවර රගහලක් ඉලක්ක කර එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය රටවල් රැසක් හෙළා දැක තිබෙනවා.

ඒ අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා ඇත්තේ ප්‍රහාරය සම්බන්ධයෙන් වාර්තා වූ සැනින් තමන් කම්පනයට පත්වූ බවයි.

එමෙන්ම එම ප්‍රහාරය හෙලා දකින බවත් එය නීච ක්‍රියාවක් බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසුවා. 

මෙම අසීරු අවස්ථාවේදී රුසියානු රජයට සහ එරට ජනතාවට සහයෝගය ලබාදෙන බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. 

මේ අතර අමෙරිකාව ද ප්‍රහාරය හෙළා දැක තිබෙනවා.

අමෙරිකාව පැවසුවේ එය දරුණු අපරාධයක් බවයි. එමෙන්ම බිහිසුනු ප්‍රහාරයෙන් දිවි අහිමිවුවන් ගැන කණගාටු වන බව ද අමෙරිකාව පැවසුවා. 

අයි එස් ත්‍රස්තවාදීන් යනු ලොව ඕනෑම ස්ථානයකදි පරාජය කළ යුතු පිරිසක් බවයි අමෙරිකාව පවසා ඇත්තේ.

මීට අමතරව ජපානය, තුර්කිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ජර්මනිය ඇතුළු රටවල් රැසක් රුසියාවට ශෝකය ප්‍රකාශ කර තිබෙනවා.