Monday, April 29, 2024

General line - 0115112241

රුසියාව යුක්රේනයට එල්ල කළ මිසයිලයක් පෝලන්ත දේශසීමාවට




රුසියාව යුක්රේනයේ කිව් අගනුවරට අද මිසසයිල ප්‍රහාර මාලාවක් එල්ල කළා.

යුක්රේන වේලාවෙන් අද අලුයම 05 සිට රුසියාව ගුවන් ප්‍රහාර එල්ල කරන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ප්‍රහාර හමුවේ යුක්රේනයේ අගනුවර පිපිරීම් කිහිපයක් සිදුව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ අතර රුසියාව යුක්රේනය වෙත එල්ල කළ මිසයිලයක් සිය ගුවන් සීමාව උල්ලංඝණය කරමින් පසුකර ගිය බව පෝලන්තය පවසනවා.

ඒ හමුවේ පෝලනත්ය සිය ගුවන් ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක කර තිබු අතර යුද ගුවන් යානා කිහිපයක් ද පියාසර කරවා ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

පෝලන්තය යනු නේටෝ සංවිධානයේ සාමාජික රටක්.