Monday, April 29, 2024

General line - 0115112241

පැය 07කට අධික මෙහෙයුමකින් පසු වැල්ලවත්තේ ගින්න නිවා දැමේ




පැය 07කට අධික මෙහෙයුමකින් අනතුරුව වැල්ලවත්ත ප්‍රදේශයේ නිමි ඇඳුම් අලෙවිසැළක හටගත් ගින්න නිවා දමා තිබෙනවා.

ඒ අනුව පස්වරු 05ට හටගත් එම ගින්න මධ්‍යම රාත්‍රී 12යි 50ට පමණ මැඩපැවැත්වීමට හැකි වූ බවයි කොළඹ මහනගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ.

ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ මහනගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවට අයත් ගිනි නිවීම් රථ 13ක් හා දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ ගිනි නිවීම් රථ 02ක් යොදවා තිබුණා.

ඒ සඳහා එක්ව ඇති ගිනි නිවීම් භටයින් සංඛ්‍යාව 50ක්. ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිස් ස්ථානය මගින් විමර්ශන ක්‍රියාත්මකයි.