Monday, April 29, 2024

General line - 0115112241

නිවැරදි තොරතුරු සැගවීමෙන් ආර්ථික අර්බුදය තීව්‍ර වන බව ආර්ථික විශේෂඥයෙක් කියයි




මෙරට ජනතාව ලබාගෙන ඇති ණය ප්‍රමාණය හෝ ණය පැහැර හැරීම් පිළිබඳ මෙරට බැංකු රැසක් නිවැරදි තොරතුරු ප්‍රසිද්ධ නොකරන බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා.

එබැවින් මෙරට පුද්ගල ණය ප්‍රමාණය හෝ ණය පැහැර හැරීම් පිළිබඳ නිවැරදි දත්ත සොයා ගැනීම අපහසුවී ඇති බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ  මහාචාර්ය වසන්ත අතුකෝරළ පැවසුවේ.


බැංකු එලෙස නිවැරදි තොරතුරු ප්‍රසිද්ධ නොකිරීමට හේතු මොනවාද යන්න සම්බන්ධයෙන් ද මහාචාර්ය වසන්ත අතුකෝරළ මෙහිදී පැහැදිළි කළා. 


බැංකු පද්ධතිය නිවැරදි තොරතුරු ඉදිරිපත් නොකිරීම ආර්ථීකයට එල්ල වන බරපතල පහරක් බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.