Monday, April 29, 2024

General line - 0115112241

දේශීය ධීවරයින් කර්මාන්තය අතහැර යාමේ අවදානමක්




පාලනයකින් තොරව මාළු ආනයනයට බලධාරීන් අවසර ලබාදුන් බැවින් දේශීය ධීවරයින් දැඩි අර්බුදයකට මුහුණ පා ඇතැයි සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා සංගමය පවසනවා.

මාළු ආනයනය ඉහළ යාම හේතුවෙන් සිය කර්මාන්තය කඩා වැටීම නිසා දේශීය ධීවරයා එම කර්මාන්තය අතහැර විදෙස් ගත වීමේ තත්ත්වයක් උද්ගත වී ඇති බවයි සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා සංගමයේ ලේකම් රුවන් ප්‍රනාන්දු පැවසුවේ.


මාළු ආනයනය කළ යුතු කාලසීමාව කුමක්දැයි මෙරට ධීවරයින් බලධාරීන් දැනුවත් කරන නමුත් මෙවර ඔවුන් මාළු ආනයනය කර ඇත්තේ දේශීය ධීවරයින්ගෙන් විමසීමක් නොකර බව ද සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා සංගමය ලෙක්ම් රුවන් ප්‍රනාන්දු ප්‍රකාශ කළා.