Sunday, April 28, 2024

General line - 0115112241

සේවක වැටුප් වැඩි කිරීමේ අර්බුදය නිසා ඉල්ලා අස් නොවන බවට මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්




මෙරට ආර්ථිකයේ ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත්වීම ඉදිරි කාලයේදී ද අඛණ්ඩව සිදුවනු ඇතැයි අපේක්ෂා කළහැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ පසුගිය වසරේ අවසන් කාර්තුවේදී සියයට 4යි දශම 5කින් මෙරට ආර්ථිකය වර්ධනය වීම තුළින් එය පැහැදිලිවන බවයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2024 මාර්තු මාසයට අදාළ මුදල් ප්‍රතිපත්ති විවරණය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියා. 

මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාතික තව දුරටත් අඩුකිරීමට ඊයේ පැවති මුදල් මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබෙනවා.

ඒ අනුව, මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 8යි දශම 5යි බින්දුවක් දක්වාත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 9යි දශම 5යි බින්දුවක් දක්වාත්, පදනම් අංක 50කින් අඩු කිරීමටයි එහිදී තීරණයවී ඇත්තේ.

ඒ අනුව ඉදිරි කාලසීමාවේදී ණය පොළී අනුපාතික පහළ යනු ඇති බව මහ බැංකු අධිපතිවරයා මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියා.    

 

මේ අතර මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම හේතුවෙන් ඇති වූ අර්බුධකාරී තත්ත්වය මත තමන් මහ බැංකු අධිපතිධූරයෙන් ඉල්ලා අස් නොවන බවද ආචාර්ය නන්දලාල් වීරසිංහ මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා.

ඒ, මාධ්‍යවේදියෙකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.


ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ.