Saturday, April 27, 2024

General line - 0115112241

අයියෝ සාමි ගයා ඉන්දියාවෙන් සම්මාන ලැබූ වින්ඩි ගුණතිලක මෙරටට පැමිණේ




දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර පැවති 16 වන එඩිසන් සම්මාන උළෙලේ දී 2023 වසරේ ඉදිරිපත් වූ විශිෂ්ටතම සංවේදී ගීතයට හිමි සම්මානය හිමි කර ගත් වින්දි ගුණතිලක සම්මානය රැගෙන මෙරටට පැමිණ තිබෙනවා.

මෙම සම්මාන උළෙල ජාත්‍යන්තර චිත්‍රපට සහ ගීත ඇගයීම සඳහා පවත්වනු ලබන අතර, එය ඉකුත් 24 වනදා පැවැත්වුණේ ඉන්දියාවේ චෙන්නායි නුවරදීයි.

ශ්‍රී ලාංකික ද්‍රවිඩ ගීතයක් වන “අය්යෝ සාමිනේ” ගීතය වෙනුවෙන් ඇයට එම සම්මානය හිමි වුණා.

ඒ අවස්ථාවට මෙම ගීතය රචනා කළ පොතුවිල් අස්මින් සහ සංගීතය නිර්මාණය කළ සනුක වික්‍රමසිංහ ද එක් වී සිටියා.  

එසේම වින්දි ගුණතිලකගේ මාපියන් වන ප්‍රවීණ ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක, චන්ද්‍රලේඛා පෙරේරා ද, සනුක වික්‍රමසිංහගේ පියා වන සංගීත් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් මෙම සම්මාන ලබා ගන්නා අවස්ථාවට සහභාගී වීම සදහා ඉන්දියාව වෙත ගොස් තිබුණා.