Monday, April 29, 2024

General line - 0115112241

දඹුල්ල ආර්ථිකයේ එළවළුවල තොග මිල පහළට




දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ  දිනවල එළවළු විශාල වශයෙන් ලැබෙමින් පැවතීම හේතුවෙන් බොහෝ එළවළුවල තොග මිල අද දිනයේ පහළ වැටී ඇති බව ගොවීන් පවසනවා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාපනය අර්ධද්වීපයෙන් විශාල වශයෙන් රතුළුෑණු සහ එළවළු තොග ලැබීමත් සමඟ මෙම තත්ත්වය හටගෙන ඇති බවයි එම ගොවීන් පවසන්නේ.

රුපියල් 350ක මුදලකට අලෙවි වූ රතුළුෑණු කිලෝවක් අද දිනයේ අලෙවි වන්නේ  රුපියල් 110ත් රුපියල් 230ත් අතර වන මිල ගණනකටයි.

ඒ අනුව, අද දිනයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි කිලෝවක් රුපියල් 80ත් 120ත් අතර මුදලකට වන අතර, කැරට් කිලෝවක් රුපියල් 150ත් 200ත් අතර මුදලකටත්, තක්කාලි කිලෝවක් රුපියල් 50ත් 120ත් අතර මුදලකටත් අලෙවි වනවා.