Monday, April 29, 2024

General line - 0115112241

පොලිය අඩු කරන්න - ආණ්ඩුව බැංකුවලට දන්වයි




මහ බැංකුව විසින් බැංකු පොලී අනුපාතය අඩු කිරීම හේතුවෙන් වාණිජ බැංකුද තමන්ට හැකි පළමු අවස්ථාවේදීම බැංකු පොලී අනුපාතිකය අඩුකර එහි වාසිය පාරිභෝගිකයින්ට සලසා දිය යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ, අද උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ බැංකු පොලී අනුපාතිකය අඩුවීම හරහා ව්‍යාපාරවලට ද ඉදිරියේදී වාසි හිමිවන බවයි.

අපේක්ෂා කළ අයුරින් ඉදිරි කාලසීමාවේදී මෙරට උද්ධමනය සියයට 05ක මට්ටමක පවත්වාගෙන යාමට හැකිවනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

එහි ආර්ථික පර්යේෂණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජානක එදිරිසිංහ පැවසුවේ වැට් බදු වැඩි කිරීම මඟින් අපේක්ෂා කළ පරිදි උද්ධමනය ඉහළ යාමක් සිදුව නොමැති බවයි.

ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් පහත දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව ගෙන ඇති තීරණ හේතුවෙන් ඉදිරියේදී වෙළඳපොළ පොලී අනුපාත තවදුරටත් අඩුවනු ඇති බවටද ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජානක එදිරිසිංහ පෙන්වා දුන්නා.