Saturday, July 27, 2024

General line - 0115112241

මූල්‍ය නගර ව්‍යාපෘතිය ගැන ජවිපෙන් හෙළිදරව්වක්




වත්මන් ආණ්ඩුව මූල්‍ය නගරයට මුවාවී සිය දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට උත්සාහ දරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.

එහි නායක අනුර කුමාර දිසානායක කොළඹ අද (22) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට සහභාගිවෙමින් සදහන් කළේ මූල්‍ය නගරයක් ඉදිකිරීමට නම් මුහුද ගොඩකිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

මුහුද ගොඩ කිරීමෙන් වන අතුරු ප‍්‍රතිඵල සම්බන්ධයෙන්ද අනුර දිසානායක මෙහිදී අදහස් දැක්වුවා.

“මෙම ගොඩ කිරීම හරහා වරාය නගරය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් එය වට කොට දියකඩනයක් ගොඩනගලා. දියකඩනයක් ගොඩනැගුවට පසුව වැල්ලවත්ත , ගල්කිස්ස ප්‍රදේශයේ මුළු වෙරළ තීරයම ස්වාභාවික මුහුදු තීරයක් වෙනුවට පොකුණක් , ටැංකියක් බවට පත්වෙනවා.

අද වෙනකොට මොරටුව , වැල්ලවත්ත , ගල්කිස්ස කළාපයේ ජීවත් වෙන ධීවර රස්සාව කරන පවුල් 5000ක් ඉන්නවා. ඒ පවුල් 5000හේම ධීවර රැකියා විශාල තර්ජනයකට ලක්වෙනවා. පාරිසරික වශයෙන් හිතකර ව්‍යාපෘතියක් නෙමෙයි අනාගතය බිලිගන්න , වර්තමානයට කොමිස් ලබාදෙන ව්‍යාපෘතියක් විතරයි”.