Saturday, April 27, 2024

General line - 0115112241

මිනිස් ක්‍රියාකාරකම් පෘතුවියේ භ්‍රමණයත් වෙනස් කරයි




මිනිස් ක්‍රියාකාරකම් හා දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් නිරන්තරයෙන් ලොව පුරා පවතින්නේ දැඩි කතාබහක්.

එය තවත් උණුසුම් කරමින් නිකුත් වූ නවතම වාර්තාවක දැක්වෙන්නේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ද්‍රැවීය අයිස් දිය වෙමින් ඇති බවයි.

එය කෙතරම් ප්‍රබල වීද යත් මෙවර එමගින් පෘතුවියේ භ්‍රමණයේ වේගයද වෙනස් කර තිබෙනවා.

මේ හේතුවෙන් ඉදිරි වසර 02 තුළ ලෝකයට තත්පරයක් අහිමි වන බවයි එම අධ්‍යයන වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ.

දින, පැය සහ මිනිත්තු තීරණය කිරීමට පෘතුවියේ භ්‍රමණය හේතුවක් වන අතර දැන් මිනිස් ක්‍රියාකාරකම් එයද වෙනස් කරන මට්ටමට බරපතල වී ඇති බව අදාළ වාර්තාව උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.