Sunday, April 28, 2024

General line - 0115112241

පානදුර මෝදරවිල මහල් නිවාස සංකීර්ණයේ විශේෂ වැටලීමක්




යුක්තිය මෙහෙයුමට සමගාමීව අද අලුයම පානදුර මෝදරවිල මහල් නිවාස සංකීර්ණය තුළ විශේෂ වැටලීමක් සිදු කර තිබෙනවා.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය හා පානදුර කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් එක්වයි.

එම නිලධාරින් 75 දෙනෙකු පමණ මෙහෙයුම සඳහා එක්ව තිබෙනවා.

එමෙන්ම පොලිස් නිල සුනඛයින්ද එම මෙහෙයුමට යොදවා තිබුනා.

එහිදී හෙරොයින්, අයිස් සහ ගංජා සන්තකයේ තබාගත් සැකකරුවන් සිව්දෙනකු අත්අඩංගුවට ගැනුනු බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගැනුනු සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.