Saturday, April 27, 2024

General line - 0115112241

සොරකමකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු හෙරොයින් සමඟ රත්මලානේදී අත්අඩංගුවට




හෙරොයින් ග්‍රෑම් 06යි මිලිග්‍රෑම් 400ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් සිදුකල වැටලීමකදීයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 43 හැවිරිදි වියේ පසුවන ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු සම්බන්ධයෙන් සිදුකල වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඔහු ජංගම දුරකථනයක් සහ රන් මුදුවක් කොල්ල කෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවෙකු බවටයි.

ඒ අනුව සැකකරු විසින් කොල්ල කන ලද ජංගම දුරකථනය සහ උණු කරන ලද රන් ගුලියක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.