Monday, April 29, 2024

General line - 0115112241

මඩකලපුව කල්මුණේ ප්‍රධාන මාර්ගයේ දරුණු රිය අනතුරක්

  මඩකලපුව වාර්ථාකරු ට් එල් ජව්ෆර්කන්




මඩකලපුව කල්මුණේ ප්‍රධාන මාර්ගයේ ආරයම්පති 4 කණුව ප්‍රදේශයේදී වේගය  පාලනය කර ගෙනීමට නොහැකිවීමෙන් අද අලුයම සිදුවූ දරුණු අනතුරකින් වෙළඳසැල් කිහිපයකට අලාභහානි සිදුවී තිබෙනවා.

කොළඹ සිට අක්කරේපෙත්තු දක්වා ධාවනය වූ පෞද්ගලික සුඛෝපභෝගී බස් රථයේ  රියදුරුට නින්ද යාම නිසා මාර්ගයෙන් ඉවතට පැන වේගය පාලනය කර ගැනීමට නොහැකිව  පාලමුණ හන්දියේ පිහිටි වෙළෙඳසැලක් ඇතුළු වෙළෙඳසල් කිහිපයකට කඩා වැදී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ .

අද අලුයම 3.30 ට 4 කණුව ප්‍රදේශයේදී මෙම අනතුර සිදු වී ඇති අතර රියදුරු ඇතුළු තිදෙනෙකු බරපතල තුවාල ලබා වැඩිදුර ප්‍රතිකාර සඳහා කාත්තාන්කුඩි සහ ආරයම්බති රෝහල් වෙත ඇතුළත්  කර ඇති බවයි  කාතතාන්කුඩි පොලිසිය පවසන්නේ.

 අනතුර සම්බන්ධයෙන් කාතතාන්කුඩි රථවාහන පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා