Saturday, July 27, 2024

General line - 0115112241

කෝටිපති ව්‍යාපාරිකයෙකු පැහැරගැනේ




බම්බලපිටිය ප‍්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකු අද (22) අලුයම කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබෙනවා.

පොලීසිය පැවසුවේ 29 හැවිරිදි මෙම ව්‍යාපාරිකයා අද අලුයම බම්බලපිටිය කොතලාවල ඇවනිව්හි පිහිටි සිය නිවසට පැමිණි අවස්ථාවේදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් පැහැර ගැනීම සිදුකර ඇති බවයි.

අදාළ ව්‍යාපාරිකයා විදෙස් රටවලින් රෙදිපිලි ආනයනය කර අළෙවි කරන්නෙකු වනවා.

තමන්ට නිසි පරිදි මුදල් නොගෙවූ විවිධ ව්‍යාපාරිකයන් සම්බන්ධයෙන් ඔහු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අවස්ථා කිහිපයකදී පැමිණිලි කර තිබුණා.

ව්‍යාපාරිකයා සෙවීම සදහා කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශන මෙහෙය වනවා.