Saturday, January 18, 2025

General line - 0115112241

බංග්ලාදේශ කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 178කට සීමා වෙයි.




දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟයේ බංග්ලාදේශ කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 178කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් මීට නොබෝ වේලාවකට පෙර සමත් වුණා.

එහිදී අසිත ප්‍රනාන්දු කඩුලු 04ක් බිඳ හෙළුවා. විශ්ව ප්‍රනාන්දු, ලහිරු කුමාර, සහ ප්‍රභාත් ජයසූරිය අතරේ කඩුලු 02 බැගින් බෙදී ගියා.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 531ක්.

දෙවනි ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර එක් කඩුල්ලක් දැවී ලකුණු 14ක් රැස් කර ගෙන සිටියා.

දිමුත් කරුණාරත්න දැවී ගියේ ලකුණු 05ක් රැස් කර ගෙන සිටියදීයි. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ලකුණු 367ක් ඉදිරියෙන් පසුවනවා.