Monday, April 29, 2024

General line - 0115112241

හදිසියේම මෛත්‍රී පාස්කු කතාවක් කිව්ව හේතුව




හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක අනාවරණයක් සිදු කළා.

ඒ, නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ මීට වසරකට පෙර ද ප්‍රකාශයක් කිරීමට සූදානම් වූ බවත් තමන් ඇතුළු කණ්ඩායමක් එය වැළැක්වූ බවත් ඔහු මෙහිදී පැවසුවා. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධූරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ඉවත් කිරීමට ඉකුත් දා පක්ෂය තීරණය කළ නමුත් තනතුරුවලින් ඉවත් කළ පිරිස් පසුව ඊට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබා ගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධූරයේ තවදුරටත් කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක සහභාගී වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවේ ඇතුළත්.