Tuesday, April 30, 2024

General line - 0115112241

වනිඳු වෙනුවට වියස්කාන්ත්ට අයි පී එල් අවස්ථාවක්




යාපනයෙන් බිහිවූ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන විජයකාන්ත් වියස්කාන්ත් මෙවර අයි පී එල් තරඟාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් සංචිතයට කැඳවීමට තීරණය කර ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා පවසනවා.

ඒ, ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙවර අයි පී එල් තරඟාවලිය අහිමි වූ වනිඳු හසරංග වෙනුවටයි.

වියස්කාන්ත් මේ වන විට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ පුහුණු පන්දු යවන්නෙකු වශයෙන් කටයුතු කරමින් සිටිනවා.