Thursday, May 2, 2024

General line - 0115112241

මෝදිගෙන් සැර ප්‍රකාශයක්

චිරාන් ධර්මසේන




අරුනාචල් ප්‍රදේශ් ප්‍රාන්තය සම්බන්ධයෙන් චීනයේ ක්‍රියාකලාපය පිළිබඳ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය විරෝධය පළ කර තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා පැවසුවේ එම ප්‍රාන්තය සම්බන්ධයෙන් චීනය සිදු කරන ප්‍රකාශ පල රහිත බවයි.

ප්‍රාන්තය සම්බන්ධයෙන් චීනය සිදු කරන භෞමික හිමිකම් ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බව ද අග්‍රාමාත්‍යවරයා පවසා තිබෙනවා.

අරුණාචල් ප්‍රදේශ් යනු සෑමවිටම ඉන්දියාවේ කොටසක් ලෙස පවතින අතර ඒ සම්බන්ධයෙන් කිසිඳු විවාදයක් නොමැති බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා.

ඉන්දියාව විසින් හිමිකම් කියන අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ දේශසීමා ආසන්න ස්ථාන 30 කට පමණ චීනය ඉකුත් දා නව නම් ඉදිරිපත් කළා.

දෙරට අතර පවතින අර්බුධය තීව්‍ර වුණේ ඉන් අනතුරුවයි.